උසස්පෙළ ප්‍රතිඵල ලබන මාසයේ – විභාගය ප්‍රමාදයි

Picture of අසංක

අසංක

මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය නොවැම්බර් මස පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අද (04) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.

මෙවර අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසයේ නිකුත් කිරීමට හැකිවනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා විශ්වාසය පළ කරයි.

විභාගය පසුගිය පෙබරවාරි 07 වැනිදා සිට මාර්තු 05 වැනිදා දක්වා පැවැත්විණ.

එහිදි පාසල් අයදුම්කරුවෝ 279141 දෙනෙක්ද පෞද්ගලික අයදුම්කරුවෝ 66 101 දෙනෙක්ද විභාගයට පෙනි සිටියහ.

විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි.