සහන මිලට අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීමේ වැඩපිළිවළෙක්

Picture of අසංක

අසංක

ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිල ගණන් යටතේ සැපයීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව ඇමති නලීන් ප්‍රනාන්දු මහතා කියයි.

එම භාණ්ඩ මේ වනවිට සතොස අලෙවිසල්වලට නිකුත් කර තිබේ.

මේ වසර අවසානය දක්වා අවශ්‍ය සහල් සංචිත රට තුළ පවතින බැවින් එම නිසා රට තුළ සහල් හිගයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැති බව ඔහු පෙන්වා දෙයි.

මෙවර යල කන්නයේදී සාර්ථක වී අස්වැන්නක් ලැබුණු බව ඔහු අවධාරණය කළේය.

ඉදිරි මහ කන්නය ද සාර්ථක කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිට ගැනෙමින් පවතින බවත් නලීන් ප්‍රනාන්දු ඇමතිවරයා කියයි.