ඉන්ධන බෙදාහරින ප්‍රමුඛතාව ගැන උසාවියෙන් නීතිපතිට නියෝගයක්

Picture of අසංක

අසංක

ඉන්ධන මිලදී ගැනීම, බෙදා හැරීම සහ බෙදා හැරීමේ දී ප්‍රමුඛතාව ලබා දෙන ක්ෂේත්‍ර කවරේද යන්න පැහැදිලි කෙරෙන වාර්තාවක් ලබන 12 වන දාට පෙර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබේ.

ඒ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ මූලික අයිවාසිකම් පෙත්සම් දෙකක් සළකා බැලීමෙන්  අනතුරුවයි.

අදාල වාර්තාව ලබන සදුදාට පෙර ගොනු කරන ලෙසත් එය ලබන 14 වන දා විවෘත අධිකරණයේ සලකා බැලීමටත් නියම කෙරුණි.