බැටික්ලෝ කැම්පස් නිරීක්ෂණයට ලක්කෙරේ

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයන් අද (17) දින බැටික්ලෝ කැම්පස් ශ්‍රී ලංකා නමින් මඩකළපුවේ ඉදිවන විශ්ව විද්‍යාලය නිරීක්ෂණය කිරීමට නියමිතය.

උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව මේ වනවිට අදාළ විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන සිදුකරන විමර්ශනයට අනුව ඊට පහසුකම් සැලසූ විවිධ ආයතනවලින් ලියකියවිලි ලබාගෙන පරීක්ෂා කර ඇතැයි කාරක සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.

අදාළ විශ්ව විද්‍යාලයේ නිරීක්ෂණය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තාවට ඇතුළත් කරන බව ද ආශු මාරසිංහ මහතා සඳහන් කළේ ය’