පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ බව සැකකෙරෙන ලාංකිකයකු මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එරට යැන්ගුන්හි හෝටලයක නැවතී සිටියදී ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අබ්දුල් සලාම් ඉර්ෂාද් මොහොමඩ් නැමැති 39 හැවිරිදි අයෙකි.
එරට හෝටල් නියාමනය කෙරෙන හෝටල් හා සංචාරක දෙපාර්තමේන්තුවෙන් එරට සංචාරක පොලීසිය විසින් මොහු පිළිබඳ තොරතුරු දන්වා ඉල්ලා ඇත්තේ මියන්මාරය තුළ මෙවැනි අයකු හෝටල් හෝ නවාතැන්පොළවල් තුළ රැඳී සිටින්නේ නම් දන්වන ලෙසයි.
රටේ සියලුම හෝටල් හා නවාතැන්පොළවල් නියාමනය කරනු ලබන්නේ එම දෙපාර්තමේන්තුව විසිනි.
ඒ අනුව අදාළ දෙපාර්තමේන්තුව මගින් රට තුළ සියලුම හෝටල්වලට මෙම තොරතුර දන්වා ඇති අතර එහිදී හෝටලය හා සම්බන්ධ වෙමින් සැක්කරුගේ තොරතුරු හුවමාරු කරගෙන තහවුරු කරගැනීමෙන් පසුව මොහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට වාර්තා සඳහන් කරයි.
මොහු වසරකුත් මාස ගණනක් වීසා කාලය ඉක්මවා එරට රැඳී සිට තිබේ.
මේ වනවිට සැකකරු රඳවා ප්‍රශ්න කෙරේ.