බ්‍රිතාන්‍ය අගමැතිනිය ඉල්ලා අස්වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලබන ජූනි 07 වනදා තමා බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යධූරයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මේ මහත්මිය මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය අමතමින් ප්‍රකාශ කලා.

ඒ පසුගියදා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ගත් උත්සහය අසාර්ථක වීම හේතුවෙන්. මේ අනුව බ්‍රිතාන්‍ය වත්මන් අගමැතිනිය ජූනි 07 වනදා අගමැතිධූරයෙන් ඉල්ලා අස්වෙනු ඇත.

ලබන ජුනි 7 වැනිදා සිට කන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඇය ඉල්ලා අස්වන්නේ නව අගමැතිවරයකු පත්කරගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසමිනි.

පක්ෂ නායකයා ස්වයංක්‍රීයව අගමැති තනතුරට පත්වන අතර පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් අගමැති ධුරය අහිමි වේ.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා වන තෙරේසා මේගේ යෝජනවට එම පක්ෂ මන්ත්‍රීවරුන්ගෙ විරෝධය අඛණ්ඩව එල්ල විය.

ඉල්ලා අස්වීමට මෙය හේතුවී ඇති අතර මෙම යෝජනාව එරට පාර්ලිමේන්තුවේ තෙවරක්ම ප්‍රතික්ෂේප වූවකි.

ඇය විසින් ඉල්ලා අස්වීම පිළිබඳ කළ නිවේදනය පහත දැක්වේ.