ට්‍රම්ප්ගේ පළමු දින 100

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනවාරි 20 වන දින සිය පදවි ප්‍රාප්ති දිනයේදී, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “ඇමෙරිකානු ඉතිහාසයේ ජනාධිපති ධූරයක වඩාත් ම අසාමාන්‍ය පළමු දින 100” උදා කර දෙන බවට පොරොන්දු විය.

දශක ගණනාවක් තිස්සේ, දින 100ක සන්ධිස්ථානය නව ජනාධිපතිවරයෙකු සඳහා සංකේතාත්මක පරීක්ෂණයක් ලෙස සලකනු ලැබීය. එනම්, මදක් පසුපසට ගොස් නව පරිපාලනයක ප්‍රගතිය තක්සේරු කිරීමේ මොහොතක් ලෙස එය සැලකේ.

මෙම කාල පරිච්ඡේදයේ මුල් දත්ත මගින්, වෙළෙඳ තීරුබදු ඉවත් කිරීම, සංක්‍රමණික අත්අඩංගුවට ගැනීම් සහ පිටුවහල් කිරීම් වැනි රජයේ වියදම් දැඩි ලෙස කපා හැරීම් දක්වා ට්‍රම්ප් සිය ප්‍රධාන පොරොන්දුවල ප්‍රගතිය පිළිබඳ ඇඟවීමක් අපට ලබා දෙයි.

ට්‍රම්ප්ගේ වැඩපිළිවෙළ අනුමත කරන ප්‍රතිශතය

දශක ගණනාවක් තිස්සේ දින 100 සන්ධිස්ථානය භාවිත කළ මත විමසීමේ ඇමෙරිකානු සමාගමක් වන ගැලප් විසින් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලයේ වැඩපිළිවෙළ ජනතාව අනුමත කරන ප්‍රතිශතය ඔහුගේ පූර්වගාමීන් ලද ප්‍රතිශත සමග සංසන්දනය කරනු ලැබ ඇත.

ට්‍රම්ප් යනු, අඛණ්ඩ නොවන වාර දෙකක් ජනාධිපති ධූරය දරන පශ්චාත් යුද්ධ සමයේ පළමු ජනාධිපතිවරයා වන අතර, ඒ නිසා ම ඔහුට එක් එක් ධූර කාල සඳහා වෙන්වූ ප්‍රතිශත ඇත.

දෙවන ලෝක යුද්ධයෙන් පසු තේරී පත්වූ සියලු ම ජනාධිපතිවරුන්ගේ වැඩපිළිවෙළ ඔවුන්ගේ පළමු දින 100ට පෙර අනුමත කරන ප්‍රතිශත අනුපිළිවෙළ අනුව මෙහි දැක්වේ.

Beeswarm plot of the last 10 elected US president's overall approval rating at 100 days into their term, including Trump. Kennedy at 83%, Reagan at 67%, Biden at 57%, and Clinton at 55% are highlighted. Trump's two presidencies are also highlighted, both of which are at less than 50%

ජෝන් එෆ්. කෙනඩිගේ වැඩපිළිවෙළ අනුමත කරන ප්‍රතිශතය 83%ක් වූ අතර රොනල්ඩ් රේගන්ට හිමි වූයේ 67%ක ප්‍රතිශතයකි. ජෝ බයිඩ්න් සහ බිල් ක්ලින්ටන් එතරම් ජනප්‍රිය නොවූවත් 50%ට වඩා ඉහළ අගයක් හිමි කර ගත්හ.

ට්‍රම්ප් යනු ඔහුගේ ධුර කාල දෙකෙහි ම, දින 100 තුළ මහජන අනුමැතියෙන් අඩකටත් වඩා අඩුවෙන් ලැබූ පශ්චාත් යුද්ධ සමයේ එක ම ජනාධිපතිවරයා ය. නමුත් සමස්ත අනුමැතිය මගින් ප්‍රකාශයට පත්වන්නේ කතාවේ කොටසක් පමණි.

පක්ෂ ඔස්සේ බෙදී ගිය විට ජනාධිපති වෙත ලැබෙන සහයෝගය දක්නට ලැබෙන්නේ කෙසේ ද? යන්න මෙහි දැක්වේ. රේඛාව දිගු වන තරමට ඔවුන්ට ලැබෙන සහයෝගය වඩාත් බෙදීමකට ලක්වෙයි.

Dot plot of the approval ratings by Democrats and Republicans of the last 12 elected presidents' terms at 100 days. The presidents are ordered from most recent to least recent.

ට්‍රම්ප්ගේ දෙවන ජනාධිපති ධූර කාලයේ වැඩපිළිවෙළ අනුමත කරන ප්‍රතිශතය විශාල බෙදීමක් පෙන්නුම් කරයි. රිපබ්ලිකන් පක්ෂයෙන් 10 දෙනෙකුගෙන් නව දෙනෙකු ඔහුට සහය දක්වන අතර ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඔහුට සහය දක්වන්නේ 4%ක් පමණි.

ජෝන් එෆ්. කෙනඩි ඝාතනයෙන් පසු 1963දී ජනාධිපති ධූරයට පත් ලින්ඩන් බී. ජොන්සන් වැනි වෙනත් කෙනෙකුගේ ධූර කාලය සම්පූර්ණ කළ ජනාධිපතිවරුන් සඳහා සංසන්දනාත්මක දත්ත නොමැත.

ට්‍රම්ප්ගේ වෙළෙඳ තීරු බදු හේතුවෙන් වෙළෙඳපොළ කැළඹීමකට ලක්වූ කාල පරිච්ඡේදයක, එනම්, අප්‍රේල් 1 සිට 14 දක්වා ගැලප්හි නවතම මත විමසුම පැවැත්විණි. නමුත් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලයේ පළමු කාර්තුව තුළ ස්ථාවරව පැවති 44%ක් ලෙස සටහන්ව තිබුණු ඔහුගේ වැඩපිළිවෙළ අනුමත කරන ප්‍රතිශතය මත විමසුමේ ක්ෂණික වෙනසක් පෙන්නුම් නොකරයි. පෙර ජනාධිපතිවරුන් මෙන්, නවතම මත විමසුම පදනම් වූයේ පුද්ගලයින් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡා 1,000කට නොඅඩු සංඛ්‍යාවක් මත ය.

සිදුවීම් සමුදායක්

ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර තම ප්‍රධාන ගැටලු සම්බන්ධයෙන් ඉක්මනින් ක්‍රියා කරන බවට ප්‍රතිඥා දුන්නේ ය. ඔහු තම පළමු දිනයේදී ම භාණ්ඩ මිල අඩු කරන බවත්, යුක්‍රේනයේ යුද්ධය අවසන් කරන බවත්, 2021 එක්සත් ජනපද කැපිටල් කෝලාහලයට සම්බන්ධ අයට සමාව දෙන බවත් දිවුරුම් දුන්නේ ය.

ට්‍රම්ප් ඒ සියල්ල සාක්ෂාත් කරගෙන නැති නමුත් ඔහු ගෙන ඇති විධායක ක්‍රියාමාර්ග විශාල සංඛ්‍යාව ගැන සලකා බලන්නේ නම්, ඔහු නූතන යුගයේ වේගවත් ම ජනාධිපතිවරයා වනු ඇත. එනම්, කොංග්‍රසයේ අනුමැතිය අවශ්‍ය නොවන ෆෙඩ්රල් රජයට නියෝග විශාල ගණනක් ඔහු නිකුත් කර ඇත.

මේවාට නීත්‍යනුකූලව බැඳී ඇති විධායක නියෝග ඇතුළත් වේ. පසුගිය සියවසේ වෙනත් කිසිදු ජනාධිපතිවරයෙකුට වඩා දින 100ක් තුළ ට්‍රම්ප් විධායක නියෝග නිකුත් කර තිබේ. ඔහු දැනටමත් ඔහුගේ පළමු ධූර කාලය තුළ නිකුත් කළ ගණනින් අඩකට වඩා නියෝග නිකුත් කර ඇති අතර එය ජෝ බයිඩ්න් වසර හතරක් තුළ නිකුත් කළ ප්‍රමාණයෙන් 90%කට ආසන්න ප්‍රමාණයකි.

An bar chart showing the number of executives orders issued by recent US presidents by 100 days and during the whole term.

ට්‍රම්ප්ගේ ඇතැම් විධායක නියෝග අතිශයින් ප්‍රතිවිපාක ගෙන දෙන ඒවා වන අතර, බොහෝ ඒවා බයිඩ්න් සිය ධූර කාලය ගත් පියවර ආපසු හැරවීම අරමුණු කර ගත් ඒවා විය. ඔහුගේ ආධාරකරුවන් එයට ප්‍රසාදය පළ කර ඇත. ට්‍රම්ප්ගේ පළමු දින නියෝග අතර, නැවතත් එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් ගිවිසුමෙන් ඉවත් වන බවට වන තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය. එය ඇමෙරිකානුවන්ට බරක් බව ඔහු පැවසීය. එමෙන් ම ඔහු සහ එක්සත් ජනපද තෙල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ජාතික බලශක්ති සැලැස්මක් ප්‍රකාශයට පත් කළේ ය.

අනෙක් නියෝග සාමාන්‍ය ඒවා විය. එනම්, ප්ලාස්ටික් බීම බට සඳහා පනවා තිබුණු තහනම ඉවත් කිරීම වැනි ඒවා විය.

ට්‍රම්ප් සිය විධායක බලය භාවිත කළ ද නව නීති සම්පාදනය සම්බන්ධයෙන් කොංග්‍රසය සමග වැඩ කිරීමට එතරම් උනන්දුවක් දක්වා නැත. ඔහු සම්මත කර ඇත්තේ, පනත් කෙටුම්පත් පහක් පමණක් වන අතර, එය වසර 70ක් තුළ ඕනෑ ම නව ජනාධිපතිවරයෙකු විසින් කරනු ලැබ ඇති ප්‍රමාණයට වඩා අඩු බව පන්ච්බෝල් නිවුස් වාර්තා කරයි.

ට්‍රම්ප්ගේ විධායක ක්‍රියාමාර්ග ජනාධිපති බලයේ සීමාවන්ට අභියෝග කර ඇති අතර, ඔහු නිතර ම ෆෙඩ්රල් විනිසුරුවන් සමග ගැටීමේ මාවතකට පැමිණ තිබේ. පක්ෂග්‍රාහී නොවන නීති සඟරාවක් වන Just Security සඟරාවට අනුව, මෙම නියෝගවලින් සමහරක් සම්බන්ධයෙන් ඔහු නීතිමය අභියෝග 200කට වඩා මුහුණ දී ඇති අතර, බොහෝ අවස්ථාවලදී විනිසුරුවන් ඔහුගේ ක්‍රියාමාර්ග නතර කර ඇත.

ආර්ථික කාර්ය සාධනය

2024 නොවැම්බර් මාසයේදී ට්‍රම්ප් සිය තීරණාත්මක ජයග්‍රහණය ලබා ගත්තේ මිල අඩු කිරීමට සහ ඇමෙරිකානුවන්ට රැකියා අවස්ථා වැඩි කිරීමට ප්‍රතිඥා දීමෙන් පසුව ය. ඔහුගේ ව්‍යාපාරික හිතවාදී පණිවිඩය වෝල් ස්ට්‍රීට්හි බොහෝ දෙනෙකු විසින් පිළිගනු ලැබීය. එය ඔහුගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු S&P 500 දර්ශකයේ එක්සත් ජනපද කොටස් මිල ඉහළ යාමෙන් පිළිබිඹු වේ.

ජනාධිපති ධූරයේ මුල් අවධියේදී එක්සත් ජනපද කොටස් මිල ගණන් ක්‍රමයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක් තිබේ. නමුත් ට්‍රම්ප් සම්බන්ධයෙන් ගත් කල, වෙළෙඳ තීරුබදු පිළිබඳ ඔහුගේ ප්‍රකාශ දරුණු වීමත් සමග ඒවා වෙනස් නොවී පසුව ක්‍රමයෙන් පහත වැටිණි. අප්‍රේල් 2 වන දින ලොව පුරා රටවල් රැසකට අදාළ වන මෙම ආනයන බදු පරාසයක් ඔහු එළි දැක්වීමත් සමග විට ඒවා කැපී පෙනෙන ලෙස පහත වැටිණි.

A line chart showing the performance of S&P stocks in the first 100 days of the three most recent presidents.

සතියකට පසු ට්‍රම්ප් මෙම තීරුබදු කිහිපයක් ආපසු හැරවූ අතර එමගින් වෙළෙඳපොළේ සුළු ප්‍රකෘතිමත් වීමක් ඇති විය. නමුත් ගෝලීය වෙළෙඳාම ප්‍රතිනිර්මාණය කිරීමට ඔහු දැරූ පුළුල් උත්සහයන් නිසා ඇති වූ අවිනිශ්චිතතාව, ලොව පුරා ආර්ථික කැලඹීම් සිදු කළ බවට චෝදනා එල්ල විය.

තවත් වැදගත් කරුණක් වන්නේ, ඇමෙරිකානුවන්ට ආර්ථිකය ගැන හැඟෙන ආකාරය යි. මෙම ප්‍රශ්නය දශක ගණනාවක් තිස්සේ මිචිගන් විශ්වවිද්‍යාලය විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති අතර. ඔවුහු තම පාරිභෝගික හැඟීම් දර්ශකය සඳහා සෑම මසක ම නිවාස සිය ගණනක් සමීක්ෂණය කරති.

මෑත කාලීන ජනාධිපති සංක්‍රාන්ති සමයේදී එහි අගයන් උච්චාවචනය වී ඇත. ට්‍රම්ප් යටතේ එය සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී ඇත. අප්‍රේල් මාසයේදී අඛණ්ඩව මාසික පහත වැටීම් හතරක් සිදු වූ අතර එය දර්ශකයේ දෙවන අඩු ම අගය විය. ජෝ බයිඩ්න්ගේ ජනාධිපති ධූරය යටතේ 2022 ජූනි මාසයේදී සර්වකාලීන අවම අගය වාර්තා වූ අතර රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු උද්ධමනය පිළිබඳ පුළුල් අශුභවාදී හැඟීමක් ඇති විය.

ආදායම්, උද්ධමනය සහ පෞද්ගලික මූල්‍ය පිළිබඳ අපේක්ෂා නරක අතට හැරීමත් සමග වෙළෙඳ යුද්ධයක් පිළිබඳව තමන් කනස්සල්ලට පත්ව සිටින බව අප්‍රේල් මාසයේ පාරිභෝගිකයෝ පැවසූහ. ආර්ථික අවපාතයක් ඇති වනු ඇතැයි යන්න බැහැර කිරීම ට්‍රම්ප් විසින් ම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති නමුත් ඔහුගේ න්‍යාය පත්‍රය දිගුකාලීන ප්‍රතිලාභ ලබා දෙන බවට සපථ කර තිබේ.

මෙම අදියරේදී ආර්ථික ක්‍රියාකාරිත්වයේ අනෙකුත් අංශ තක්සේරු කිරීම දුෂ්කර ය. උද්ධමනය ද ඇතුළුව, ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපද ෆෙඩ්රල් සංචිතය යෝජනා කර ඇති පරිදි මෙය නැවතත් ඉහළ යා හැකි ය.

වෙළෙඳාම සහ තීරු බදු

ජනාධිපති ට්‍රම්ප් සිය දැඩි ගෝලීය තීරු බදු සාධාරණීකරණය කර ඇත්තේ, රැකියා සහ කර්මාන්ත ශාලා ඇමෙරිකාව නැවත පැමිණෙනු ඇති බවත්, එමෙන් ම ඒවා ඇමෙරිකාවේ වෙළෙඳ හිඟය අඩු කරන බවත් පවසමිනි. ඇමෙරිකා එක්සත් ජනපදය අපනයනය කරන ප්‍රමාණයට වඩා ආනයනය කරන බව ට්‍රම්ප් දකින්නේ අනෙකුත් ජාතීන් තම රටට සිදු කරන “වංචාවක්” ආකාරයට ය. ඔහු නිතර ම ඇමෙරිකා එක්සත් ජනපදයට භාණ්ඩ අපනයනය කරන රටවල් අතරින් ඉහළින් ම ඇති රටක් වන චීනය හුදෙකලා කර කතා කරයි.

එක්සත් ජනපද සංගණන කාර්යාංශය සහ එක්සත් ජනපද ආර්ථික විශ්ලේෂණ කාර්යාංශය, එක්සත් ජනපදය අනෙකුත් රටවල් සමග භාණ්ඩ හා සේවා වෙළෙඳාම් කරන ප්‍රමාණය පිළිබඳ මාසික සංඛ්‍යාලේඛන නිකුත් කරයි.

පසුගිය වසරේ, ඇමෙරිකා එක්සත් ජනපදය තමන් විකුණූ හෝ අපනයනය කළ ප්‍රමාණයට වඩා භාණ්ඩ හා සේවා මිල දී ගැනීමක් හෝ ආනයනය කිරීමක් කළේ ය.

මේ දෙක අතර වෙනස වෙළෙඳ හිඟය ලෙස හැඳින්වේ. එක්සත් ජනපදය දශක ගණනාවක් තිස්සේ වෙළෙඳ හිඟයක් සමග කටයුතු කර ඇත. දැන් ට්‍රම්ප්ට එය ඉවත් කිරීමට අවශ්‍ය යි.

නමුත් ට්‍රම්ප්ගේ නව තීරු බදු ඊට ප්‍රතිවිරුද්ධ බලපෑමක් ඇති කරන්නට ඇත. එනම්, මේ වසරේ හිඟය අඩු කිරීම වෙනුවට එය පුළුල් වීමක් සිදුවන්නට ඇත. ඔහු නැවත තේරී පත් වූ පසු, බොහෝ ආනයනකරුවන් භාණ්ඩ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයි බිය වී භාණ්ඩ මිල දී ගැනීමට ඉක්මන් වූ බව දත්ත පෙන්වා දෙයි.

A dot plot of imports and exports by the US from January 2024 to February 2025 by month. The dots for imports and exports for each month are connected with a line. Imports are higher than exports each month. Imports gradually goes up in Nov 2024 and Dec 2024, then rises steeply in Jan 2025. The imports and exports stay roughly the same between January 2025 and February 2025. Exports remain fairly constant. There is an annotation which reads "Nov 2024 Trump elected" and "Jan 2025 Trump sworn in" which point to the respective lines/dots.

ජනවාරි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයට ආනයනය කරන ලද භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 329ක් විය. එය අවම වශයෙන් 1992 සිට වාර්තා වූ වාර්තාගත මාසික අගයක් වන අතර පෙබරවාරි මාසයේදී එම සංඛ්‍යාව තරමක් අඩු විය.

අප්‍රේල් 9 වන දින නිවේදනයක් නිකුත් කරමින් ට්‍රම්ප් ඔහුගේ වඩා ත් ම දැඩි තීරු බදු බොහොමයක් අත්හිටුවන බව පවසා තිබියදී ත්, ඇමෙරිකානුවන් ඇතැම් භාණ්ඩ තොග වශයෙන් ගබඩා කරගෙන ඇති බවට වාර්තා විය. ඊට හේතුව අවිනිශ්චිතතාවය යි. චීන නිෂ්පාදන ආනයනය සඳහා ඉහළ බදු තවමත් ක්‍රියාත්මක වන නමුත්, ගිවිසුමකට එළඹිය හැකි නම් ඒවා කපා හැරීමට ට්‍රම්ප් කැමැත්ත පළ කර තිබේ.

ආගමන සම්බන්ධයෙන් ගත් පියවර

ජනාධිපති ධූරයට නැවත පත්වීමට පෙර ට්‍රම්ප් ආගමන සම්බන්ධයෙන් දැඩි ලෙස කතා කළ අතර, නීතිවිරෝධී ලෙස එක්සත් ජනපදයට ඇතුළු වූ සංක්‍රමණිකයන් සමූහ වශයෙන් පිටුවහල් කරන බවටත්, “උපතින් ලැබෙන පුරවැසිභාවය” ලෙස හඳුන්වන එක්සත් ජනපද භූමියේ උපත ලබන ඕනෑ ම කෙනෙකුට පාහේ අදාළ වන ස්වයංක්‍රීය පුරවැසි අයිතිවාසිකම් අවසන් කරන බවටත් පොරොන්දු විය.

පොරොන්දු වූ තරම් සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් පිටුවහල් කිරීමට ඔහුට මෙතෙක් නොහැකි වී ඇති අතර, ඇතැම් දරුවන්ට උපතින් ලැබෙන පුරවැසිභාවය අවසන් කිරීමට ඔහු දැරූ උත්සහයන් අධිකරණ විසින් අවහිර කරනු ලැබ ඇත.

නැවත පැමිණෙන ජනාධිපතිවරයාට සාර්ථකත්වය ප්‍රකාශ කළ හැකි එක් මිනුමක් වන්නේ නීති විරෝධී එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමා හරස් මාර්ගයි. මෙය අත්අඩංගුවට ගැනීම් පිළිබඳ දේශසීමා මුර සංචාර දත්ත මගින් පෙන්නුම් කෙරේ. මෑතකදී ධවල මන්දිරය වාර්තාගත අඩු අගයක් ලෙස හඳුන්වන දෙයක් පෙන්නුම් කර ඇත. 2025 මාර්තු මාසයේදී, දේශසීමාවේදී සංක්‍රමණිකයන් 7,000කට වඩා අත්අඩංගුවට ගැනිණි. බයිඩ්න් යටතේ 2024 මාර්තු මාසයේදී 137,000කට වඩා වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනිණි.

A column chart showing the number of encounters at the US-Mexico border during Trump's first term, Biden and the start of Trump's second term.

දින 100 සන්ධිස්ථානයේදී පැහැදිලිව පෙන්විය හැකි සංක්‍රමණ පිළිබඳ දත්ත ඇත්තේ සාපේක්ෂව ස්වල්පයකි. නමුත් ට්‍රම්ප් සහ ඔහුගේ කණ්ඩායම දේශසීමා අත්අඩංගුවට ගැනීම්වල තියුණු පහත වැටීම සහ ආගමන හා රේගු බලාත්මක කිරීමේ ඒජන්සිය (ICE) විසින් රට තුළ රඳවා ගනු ලැබීම්වල වැඩිවීම භාවිත කර ඇත්තේ, නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීමට සහ බයිඩ්න්ගේ “අනාරක්ෂිත” දේශසීමාව නිවැරදි කිරීමට ඔවුන් දරන උත්සහයන් සාර්ථක බව ඔප්පු කිරීමට ය.

සිය පරිපාලනය ICE නිලධාරීන්ගේ වැටලීම් ප්‍රසිද්ධ කිරීමට ඉක්මන් වී ඇත. ඒ, මේවායින් බොහොමයක් අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් ඉලක්ක කරගත් බව පවසමින් සහ ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කරන්නන් සමග පෙර නොවූ විරූ මට්ටමේ සහයෝගීතාවක් ලෙස හඳුන්වන දෙයක් ප්‍රචාරය කිරීමට ය.

A column chart showing the number of people detained in ICE facilities for the first time since the pandemic, includig during Trump's first term, Biden and the start of Trump's second term.

ඒ සමග ම, පිටුවහල් කිරීම් ප්‍රමාද වී ඇති අතර, ඉහළ පෙළේ නීතිමය අභියෝගවලට මුහුණ දී තිබේ. රඳවා තබා ගැනීම් තවදුරටත් වැඩි වුවහොත්, ICE මධ්‍යස්ථානවල ඉඩ ප්‍රමාණවත් නොවිය හැකි බවට අනතුරු ඇඟවීම් තිබේ.

නීතිමය සටන් ඉදිරියට එද්දී, ට්‍රම්ප්ගේ සංක්‍රමණ ප්‍රතිපත්තියේ අනාගතය ඉදිරි දින 100 තුළ වඩාත් තියුණු අවධානයට ලක් වනු ඇත.

ඉදිරි මාස කිහිපය තුළ ට්‍රම්ප්ට අත්කර ගත හැකි දේ අනුව ඔහුගේ අභිලාෂකාමී න්‍යාය පත්‍රයේ ඉතිරි කොටස ද හැඩගැසෙනු ඇත.

දේශසීමාවේ ඔහුගේ ක්‍රියාවන්ට ඇමෙරිකානුවන් ප්‍රතිචාර දක්වන ආකාරය, ඉදිරියේ ඇති වෙළෙඳ සටන් සහ සිල්ලර බඩු මිල ගණන්වල චලනයන්, නූතන යුගයේ වඩාත් ම භේදකාරී ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් රැඳී සිටිනවා ද යන්න තීරණය කළ හැකි ය.

(BBC ඇසුරෙනි .)