සංචාරක අවදානම් නියෝග ඉවත් කරන්නැයි අගමැති ඉල්ලයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවට පනවා ඇති සංචාරක අවදානම් නියෝග ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් තානාපතිවරුන්ගේ සහ මහකොමසාරිස්වරුන්ගේ අද ඉල්ලීමක් කර තිබේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ දෛනික ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති හෙයින් අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් තානාපතිවරුන්ට සහ මහකොමසාරිස්වරුන්ට පෙන්වා දී ඇත.

විදෙස් තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් සහ අගමැතිවරයා අතර අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා අදාළ ඉල්ලීම යොමුකර තිබුණි.