අනිවාර්ය නිවාඩුවෙන් පුජිත් ගලවගන්න එජාප ටී.එන්.ඒ වෑයමක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා නැවත පොලිස්පති ධූරයේ පිහිටුවීමට එජාප ටී.එන්.ඒ මන්ත්‍රි නීතිඥවරුන් පිරිසක් සුදානම්වනබවට ද කළම්බො එක්ස්ප්‍රස්වෙත දැනගන්නල ලැබී තිබේ.
ඒ අනුව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා තිබෙන ආකාරය සාවද්‍ය බව පවසමින් මෙම නීතිඥවරුන් ඉදිරි දින කිහිපයේදී අධිකරණයේ නඩු පැවැරීමට නියමිතව ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක්ම මෙයෙට පෙර පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යැවීම වැරදි බව ප්‍රකාශ කළහ. ඒ අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද සිටියේය.
මෙම තත්ත්වය දේශපාලනික වශයෙන් ආන්දෝලාත්මක වී ඇත්තේ අදාල අනිවාර්ය නිවාඩු යැවීම සිදුකර ඇත්තේ ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරව වීමයි.

කෙසේ වෙතත් වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට පසුගියදා අදාල ධූරයේ කටයුතු කරගෙන යාම සදහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය පවා හිමිවිය. පසුගිය දින කිහිපයේ සිදුවන්නට ගිය කඩාකප්පල්කාරි ක්‍රියා බොහොමයක් වළක්වා ගැනීමට වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කළබවටත් සාමය ස්ථාපිත කිරීමට මේ දක්වා ගත් පියවර පොලිස් දෙපාර්තමේන්තුවේ සහ ජනතාව‌ගේ ඇගයීමට ලක්වී ඇති බවටත් මාධ්‍ය වාර්තාවල සදහන්ය.

මෙසේ තිබියදී නැවත නඩු නිමිත්තක් සිදුවීම තුළින් දේශපාලනික වශයෙන් පසුගියදා සිදුවු වරද නැවත ස්මතු කිරීමට කිසියම් පිරිසක් මෙසේ දේශපාලනික වශයෙන් උත්සාහයක නිරතවනබව ද කළම්බො එක්ස්ප්‍රස්වෙත දැනගන්නට ලැබී තිබේ.
මේ පිළිබද විමසීමට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එම්.ඒ සුමන්තිරන් සම්බන්ධ කර ගැනීමට ද කළම්බො එක්ස්ප්‍රස් දැරූ උත්සාහය ව්‍යවර්ථ විය.