පොලීසිය ‘ගොරකා දඩ මස් කළ දොස්තර’ කුරුණෑගලින් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු 42 හැවිරිදි සෙයිගු සියාබ්දීන් සාෆි නමැති කුරුණෑගල පිදංචිකරුවෙකි.

වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණේ සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසියට ලද තොරතුරු මතය.

අත්අඩංගුවට ගැනුණු වෛද්‍යවරයාගේ වත්කම් හා ඒවා උපයා ගත් ආකාරය පිළිබද සොයාබැලීම සඳහා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වෛද්‍යවරයා රිෂාද් බදියුදීන් අමාත්‍යවරයාගේ පක්ෂයෙන් මැතිවරණයකට ඉදිරිපත් වූවකි.
ඔහු සිසේරියන් සැත්කම් කරන වෛද්‍යවරයෙකි.
පසුගියදා පාර්ලිමේන්තුවේ දී කථාබහට ලක්කරමින් ආන්දෝලනයට තුඩුදුන් වෛද්‍යවරයා ද මොහු වන නමුත් පොලිස් පරීක්ෂණ සිදුකරනු ලබන්නේ වත්කම් සම්බන්ධයෙනි.
මාධ්‍ය වාර්තාවක පළවූ පුවතක් උපුටා දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණේ එවැනි පරීක්ෂණයක් පිළිබද පොලිස් වාර්තා නොමැති බවත් පළවූ පුවත සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි.
කෙසේවෙතත් වත්කම් සම්බන්ධ පරීක්ෂණය වුවද පොලීසිය නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් සිදුකළ යුත්තකි.
මෙම විමර්ශනය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිත බව සඳහන් ය.
මෙම කරුණු සළකා බැලීමේදී පෙනී යන්නේ පොලීසිය මාධ්‍ය යොදාගනිමින් ‘ගොරකා දඩ මස්’ කළ බවය.