ආනයනික ලුණු , ප්‍රමිතියෙන් තොරයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලුණු සම්බන්ධයෙන් අර්බුදයක් පැවති සමයේ මෙරටට ආනයනය කරන ලද ඇතැම් ලුණු තොගවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු මතුව ඇතැයි හෙළි වී තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කරන ලද පරීක්ෂාවකදීයි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රී ලංකා රේගුවට දන්වා ඇත්තේ ප්‍රමිතියෙන් තොර එම ලුණු තොග නිදහස් කිරීමෙන් වලකින ලෙසයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ ප්‍රමිතියෙන් තොර ආනයනික ලුණු තොග ඇතුලත් බහාලුම් කිහිපයක් හඳුනාගෙන ඇති බවයි.
කොළඹ වරාය පරිශ්‍රය තුළ ආනයනික බහාලුුම් විශාල ප්‍රමාණයක් යළි ගොඩ ගැසීමට ද ආනයනික ලුණු තොග වැඩි වශයෙන් මෙරටට ලැබීම හේතු වී ඇති බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ.

ආනයනික බහාලුම් ද වැඩි වශයෙන් පසුගිය සමයේ ලැබීම ද මෙම ගැටලුවට හේතු වී තිබෙනවා. කෙසේවෙතත් ඉදිරි දින කිහිපය තුළ මෙම ගැටලුව සමනය වන බවයි ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් පැවසුවේ.