රාජිතට ඇප

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කර තිබේ.

අදාළ නඩුව අද(09දා) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.

ඒ අනුව සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවටත් නියෝග කළේය.