යාවත්කාලීන කිරීම: 01/03 (පෙ.ව. 00:20)
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පදිංචි නිල නිවාස සංකීර්ණය ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ප්‍රහාරයත් සමඟ කමේනිගේ ජීවිතය පිළිබඳව පරස්පර විරෝධී වාර්තා පළ වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, මේ පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තහවුරු කිරීමක් සිදු කර ඇත්තේ නැහැ.
මෙම වාර්තා පිළිබඳව අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, තමන් දන්නා තරමින් අලි කමේනි තවමත් ජීවතුන් අතර සිටින බවයි.
==========
යාවත්කාලීන කිරීම: (ප.ව 11:47)
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානය ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාරවලින් පුද්ගලයන් 201 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රතු අඩසඳ සංගමය තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව, ඉරාන රතු අඩසඳ සංගමය නිකුත් කර ඇති දත්ත අනුව, අවම වශයෙන් පුද්ගලයන් 201 දෙනෙකු මියගොස් ඇති අතර, පුද්ගලයන් 747 දෙනෙකු විවිධ මට්ටමේ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.
==========
යාවත්කාලීන කිරීම: (ප.ව 6:17)
දකුණු ඉරානයේ ඊශ්‍රායල – ඇමරිකානු ප්‍රහාරයකින් බාලිකා ප්‍රාථමික පාසලකට සිදු වූ බව කියන ප්‍රහාරයකින් මියගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
==========
යාවත්කාලීන කිරීම : ( ප.ව. 5:23)
ඉරානයට එරෙහි යුධ මෙහෙයුම අතරතුර, දකුණු ඉරානයේ හෝමෝස්ගන් (Hormozgan) පළාතේ මිනාබ් (Minab) නගරයේ පිහිටි ප්‍රාථමික බාලිකා පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් සිසුවියන් 24 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
==========
යාවත්කාලීන කිරීම : ( ප.ව. 3.58)
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුධමය තත්ත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් සිවිල් වැසියෙකු මියගොස් ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරනවා.
==========
යාවත්කාලීන කිරීම : ( ප.ව. 3.52)
ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් දියත් කරන ලද බැලස්ටික් මිසයිල කිහිපයක් ජෝර්දාන ගුවන් සීමාව හරහා ගමන් කරමින් තිබියදී සාර්ථකව මර්දනය කළ බව ජෝර්දාන හමුදාව (JAF) නිල වශයෙන් නිවේදනය කරනවා.
ජෝර්දාන ගුවන් ආරක්ෂණ පද්ධති මගින් බැලස්ටික් මිසයිල දෙකක් සිය ගුවන් සීමාව තුළදීම විනාශ කර ඇති අතර, එහි සුන්බුන් ජනශුන්‍ය ප්‍රදේශවලට පතිත වී ඇති බවයි වාර්තා වන්නේ.
==========
යාවත්කාලීන කිරීම : (ප.ව. 3.52) – ඉරාන-ඊශ්‍රායල ගැටුම මුල් කරගනිමින් මැදපෙරදිග කලාපය පුරා දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන පසුබිමක, ජෝර්දාන ගුවන් සීමාව හරහා ගමන් කළ බැලස්ටික් මිසයිල කිහිපයක් සිය හමුදාව විසින් විනාශ කළ බව ජෝර්දානය පවසනවා.
==========
යාවත්කාලීන කිරීම : ( ප.ව. 3.39) – ඉරාන-ඊශ්‍රායල ගැටුම තවදුරටත් ව්‍යාප්ත වෙමින්, මැදපෙරදිග කලාපයේ පිහිටි ප්‍රධාන අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන රැසක් ඉලක්ක කර ඉරානය විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඉරානයේ ‘ෆාර්ස්’ (Fars) පුවත් ඒජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාර මාලාව මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
ඉරාන බලධාරීන්ට අනුව, කටාර්හි අල්-උඩෙයිඩ් (Al-Udeid) ගුවන් හමුදා කඳවුර, කුවේට්හි අල්-සලෙම් (Al-Salem) ගුවන් හමුදා කඳවුර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල්-දෆ්රා (Al-Dhafra) ගුවන් හමුදා කඳවුර, බහරේනයේ අමෙරිකානු නාවික හමුදාවේ 5 වැනි බලඇණි මූලස්ථානය වෙත ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මීට පෙර අබුඩාබි අගනුවරින් වාර්තා වූ පිපිරුම්වලට අමතරව, මීට සුළු වේලාවකට පෙර ඩුබායි සහ අබුඩාබි යන නගර දෙකෙන්ම තවත් ප්‍රබල පිපිරුම් හඬවල් කිහිපයක් වාර්තා වී තිබෙනවා.
==========
ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නගර මධ්‍යයට අද (28) අලුයම එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුව, නගරයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලින් ද අලුතින් ප්‍රබල පිපිරීම් රැසක් වාර්තා වූ බව ෆාර්ස් පුවත් ඒජන්සිය තහවුරු කරනවා.
ඊශ්‍රායලය සහ ඇමරිකානු හමුදා එක්ව දියත් කරන මෙම (pre-emptive) මෙහෙයුම හේතුවෙන් මැදපෙරදිග කලාපය දැඩි යුධමය අර්බුදයකට පත්ව තිබෙනවා.
මුලින් ටෙහෙරාන් නගර මධ්‍යයට (Downtown) එල්ල වූ ප්‍රහාර දැන් නගරයේ උතුරු සහ නැගෙනහිර තදාසන්න ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වී ඇති බව සඳහන්.
මේ හේතුවෙන් අගනුවර වැසියන් දැඩි භීතියට පත්ව සිටින අතර බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු වෙමින් පවතිනවා.
මෙම ප්‍රහාර මාලාව එල්ල වන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සීමා කිරීම සහ යුද්ධයක් වළක්වා ගැනීම සඳහා ඇමරිකානු සහ ඉරාන නිලධාරීන් අතර තීරණාත්මක රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වෙන මොහොතක වීම විශේෂයි.
මෙම ප්‍රහාරයත් සමඟ එම සාකච්ඡා මාර්ග සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ අවදානමක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

