ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මිය ගිහින්ද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කමේනි මිය ගොස් ඇති බව ට්‍රම්ප් පවසයි


“ඉතිහාසයේ වඩාත් ම නපුරු මිනිසුන්ගෙන් කෙනෙකු වුණු කමේනි මිය ගොස් ඇත,” යනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

වැඩිදුරටත් එම සටහනේ සිය අදහස් දක්වමින් “මෙය ඉරානයේ ජනතාවට පමණක් නොව, සියලුම ශ්‍රේෂ්ඨ ඇමරිකානුවන්ට වූ යුක්තිය,” බව ඔහු පවසනවා.

“මෙය ඉරාන ජනතාවට තම රට ආපසු ලබා ගැනීමට ඇති එක ම විශාලතම අවස්ථාව” බව ද ඔහු සිය ඔහුගේ දීර්ඝ සටහනේ දක්වා තිබෙනවා. කෙසේ වෙතත් ඉරානය මෙම ප්‍රකාශයන් ප්‍රතික්‍ෂේප කර ඇත . එරට රජය පවසන්නේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කමේනි ජීවතුන් අතර සිටින බවයි .


පැයකට පෙර ( යාවත්කාලීන )

ඉරානයේ ආරක්ෂක නායකත්වය ‘අවසන් කළ’ බව ඊශ්‍රායල හමුදාව පවසයි


ඉරාන පාලන තන්ත්‍රයේ ආරක්ෂක නායකත්වය “අවසන් කළ” බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා පවසනවා.

සමාජ මාධ්‍ය සටහනකට අනුව, මෙම පිරිස අතර ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක අලි ෂම්කානි, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරී මොහොමඩ් පක්පූර් සහ ආරක්ෂක අමාත්‍ය අසීස් නසීර්සාදේ ඇතුළත් වනවා.

IDF සටහනක, මෙම නිලධාරීන් තිදෙනාගේ සහ ඔවුන් ‘අවසන් කළ’ බව කියන අනෙකුත් අයගේ රූප සහ තොරතුරු සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ගැන කිසිදු සඳහනක් එහි දක්වා නොමැත.