මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මුදාහැරේ

Picture of අසංක

අසංක

යුධ හමුදාව සහ පොලීසිය එක්ව මල්වාන ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සිය නිවෙස තුළ බෝර 12 ගිනි අවි සඳහා භාවිතා කරන පතොරම් 93ක් තිබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් මහතාගෙන් පොලීසිය ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව නිදහස් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බියගම පොලීසිය විසින් මොහොමඩ් අලි හසන් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

අදාළ ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව රාත්‍රි 8.30ට පමණ අලි හසන් මහතා මුදාහැරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.