පාසල් සිසුන්ගේ ස්ථූලතාවය වැඩිවෙයි

Picture of අසංක

අසංක

මෙරට පාසල් සිසුන්ගේ ස්ථූලතාවය වැඩිවී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය සඳහන් කරයි.

5 ශ්‍රේණියේ සිසුන් 100 දෙනෙකුගෙන් 7 දෙනෙකු ද 10 වැනි ශ්‍රේණියේ සිසුන් 100 දෙනෙකුගෙන් 5 දෙනෙකු ද ස්ථූලතාවයට අවදානම් තත්ත්වයෙන් පසුවන බව එම කාර්‍යංශය සඳහන් කරයි.

ස්ථූලතාවය හේතුවෙන් හෘදයාබාධ, අක්මාවේ රෝගාබාධ, අස්ථි පද්ධතිය ආශ්‍රිත ගැටලු සහ පරිවෘත්තිය සටහන් කරගෙන තිබේ.

පද්ධතියේ ගැටළු ඇතිවිය හැකි බවත් මේ හේතුවෙන් කෙටි කාලින හා දීර්ඝ කාලීන සෞඛ්‍ය අවදානමකට පාසල් සිසුන් ලක්ව ඇති බවත් එම කාර්‍යංශය සඳහන් කරයි.

පාසල් සිසුන් අතර ඇති ස්ථූලතාවය අවම කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට 2019 ජුනි ජාතික පෝෂණ මාසයේදී අවධානය යොමු කිරීමට නියමිත බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය සඳහන් කරයි.