සෝෂල් මීඩියා පාලනය කරන්න අලුත් නීති හදන්න යයි

Picture of අසංක

අසංක

සමාජ මාධ්‍ය පාලනයට නව පනතක් ගෙන ඒමට රජය සුදානමක් ඇති බවත් ඒ යටතේ නව සයිබර් ආරක්ෂණ ආයතනයක් පිහිටවීමට කටයුතු කර ඇති බවත් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය අනාවරණය කර සිටී .

මෙම නව ආයතනයෙහි අධ්‍යක්ෂකවරු හා ආයතන ප්‍රධානී පත්වීම් සියල්ලම දේශපාලනික පත්වීම් බව දැනගන්නට ලැබී ඇති බවද මෙම ආයතනයට රටේ පවතින සියලුම තොරතුරු පද්ධතීන් හා දත්ත ගබඩාවල දත්ත විවිධ වූ අවශ්‍යතාවයන් උදෙසා ලබාගැනීමට බලතල හිමිවන බවද පරිවර්තන සමූහය සඳහන් කර සිටී.

ඒ අනුව මෙය සමාජ මාධ්‍ය වාරණය සඳහා ගෙන එන නව පනතක් විය හැකි බවද ශ්‍රී ලංකා පරිවර්තන සමූහය අනතුරු අඟවා සිටී.