ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සංචාරක වෙබ් අඩවියක් වන “ට්‍රිප් එක්ස්පර්ට්” විසින් මෙවර ශ්‍රී ලකාවේ කැපී පෙනෙනම සංචාරක හෝටලය ලෙස ගාල්ලේ , පිහිටි “ආදිත්‍ය” සංචාරක හෝටලය නම් කර ඇත.
ට්‍රිප් එක්ස්පර්ට් වෙබ් අඩවිය , ලොව පුරා සංචාරක ප්‍රකාශන හා සඟරා 80 කටත් වැඩි ප්‍රමාණයක් අධ්‍යයනය කර සකස් කරනු ලබන විශේෂ දර්ශකයක් හරහා මෙම නම් කිරීම් සිදුකරනු ලබයි .
ඒ අනුව ආදිත්‍ය හෝටලය මෙවර ලකුණු 90 ක් ලබාගනිමින් ලෝකයෙද වඩාත් කැපී පෙනෙන හෝටල අතරට එක්ව ඇත.
මීට අමතරව ආදිත්‍ය හෝටලය , ජාත්‍යන්තර ට්‍රිප් අඩ්වයිසර් වෙබ් අඩවියෙන්ද විශිෂ්ඨතා සම්මානයක් ලබාගෙන ඇත.
