ඉන්දීය ඔත්තු සේවා කණ්ඩායමක් ලංකාවට ඇවිත්

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා අන්තවාදි ප්‍රහාරයට මුල් වූ ත්‍රස්ත කණ්ඩායමේ ඉන්දිය සබදතා සම්බන්ධයෙන් සොයාබැලීමට ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය හෙවත් එන්.අයි.ඒ ඔත්තු සේවාවේ පිරිසක් මෙරටට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව තුල ප්‍රහාර සිදුකල ත්‍රස්ත කන්ඩායම ඉන්දීයාවට වරින්වර ගොස් තිබෙන බැවින් ඔවුන් සතු ඉන්දිය සබඳතා පිළිබඳව තොරතුරු විමර්ශනය කිරිමට මෙම ඉන්දිය ඔත්තු සේවා කණ්ඩායම දිවයිනට පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

ශ්‍රී ලංකාවට එල්ල වූ ආකාරයේ ත්‍රස්ත ප්‍රහාර ඉන්දීයාවට එල්ල වීම වැලැක්වීම මෙම විමර්ශනවල අරමුණ වී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.