චෝදනා හමුවේ ධූරවලින් ඉල්ලා අස්වූ රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා යන අයට එරෙහි පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවේ සාමාජිකයන් මෙසේය.
- මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඩී.ප්‍රියන්ත,
- පොලිස් නීති කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න,
- සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ලියනගේ යන අය කමිටු සාමාජිකයන් වේ.
අද(04) සිට ලබන 12 වනදා දක්වා පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති මෙම කමිටුවට ජනතාවට ලිඛිතව පැමිණිලි ලබාදිය හැක.
පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා අදාළ පැමිණිලි ලබාදිය හැකි බව පොලිස් මූලස්ථානය දන්වා සිටියි.