රට පුරා හෙරොයින් මත්කුඩු භාවිත කරන පුද්ගලයන් ලෙස නම් ගම් සහිතව තහවුරු කරගත් 68000කට ආසන්න පිරිසක් වාර්ෂිකව ඒ සදහා රුපියල් කෝටි 6000ක් වැය කරන බවට හෙළිවී තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මෙරට තුළ හෙරොයින් භාවිතා කරන්නන් ලක්ෂයකට වැඩි පිරිසකගේ සියලු දත්ත විස්තර රැස් කර ඇතැයි එම කාර්යාංශය පවසයි.
මෙලෙස හෙරොයින් මත්කුඩු භාවිත කරන්නන් පළාත් වශයෙන් වර්ගීකරණය කළවිට අනාවරණය වී ඇත්තේ වැඩිම පිරිසක් වන 39449 දෙනකු වාසය කරනුයේ බස්නාහිර පළාතේ බවයි.
ඉන්පසුව පිළිවෙළින් දකුණ, වයඹ, මධ්‍යම, සබරගමුව, උතුරු මැද, ඌව, සබරගමුව පළාත්වල හෙරොයින් මත්කුඩු භාවිත කරන්නන් සිටිති.
ඉන් වැඩිම පිරිසක් වෙසෙන බස්නාහිර පළාත හා දෙවැනි ස්ථානයේ සිටින දකුණු පළාත අතර පවතින පරතරය බෙහෙවින් විශාල වීම විශේෂත්වයකි.
මෙම ගණනය කිරීම් දැනට නම්ගම් සහිතව තහවුරු කරගත් අය පමණක් වන අතර රට පුරා හෙරොයින් මත්කුඩු භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව බොහෝසෙයින් ඉහළ අගයක පවතිනු ඇතැයි අනුමාන කෙරෙන අතර ඊට හේතුවී ඇත්තේ මත්කුඩු වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා මත්කුඩු ප්‍රමාණ හා සසදා බැලීමෙනි.


මූලාශ්‍රය – පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය