වැස්සත් එක්ක දිස්ත්‍රික් 5කට ඩෙංගු අවදානමක්

Picture of අසංක

අසංක

වැසිබර කාලගුනයත් සමග දිස්ත්‍රික්ක 05 ක ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් මතුව ඇතැයි,ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවා සිටී .

කොළඹ , ගම්පහ, කළුතර , රත්නපුර, හා ගාල්ල දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය උද්ගතව ඇති බව එම ඒකකය සඳහන් කර සිටී.

වසරේ මේ දක්වා කාලය තුළ, දිවයින පුරා ඩෙංගු රෝගීන් 19000 කට අධික පිරිසක් වාර්තා වී ඇති
බව ද ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කර සිටී