මුස්ලිම් ඇමතිලාගේ ඉල්ලා අස්වීම තවම නෑ

Picture of අසංක

අසංක

ආණ්ඩුව නියෝජනය කල මුස්ලිම් ඇමතිවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වූ බව කියුවත් එම ඉල්ලා අස්වීමේ ලිපි මේ වන තෙක් ජනාධිපති කාර්යාලයට ලැබී නොමැති බව වාර්තාවේ.

ඇමතිවරුන් ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නම් එම අස්වීමේ ලිපි බාර දිය යුත්තේ ජනාධිපතිවරයාට වන අතර මුස්ලිම් ඇමතිවරුන් සිය ඉල්ලා අස්වීම ප‍්‍රකාශ කරන ලද්දේ පසුගිය සදුදා දිනයේදීය.

ඒ අනුව ඇමති ධුරවලින් ඉවත් වීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය විසින් මේ දක්වා නිකුත් කිරීමක් ද සිදු කර නොමැත .