හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු වී ඇති සියලු පෙත්සම් සියල්ල සත් සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට තීරණය කර තිබේ.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසිනි.
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් ජනතාවගේ මූලික අයිතීන් කර ඇති බවට මෙම පෙත්සම් මගින් ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම් සියල්ල ජාතික වැදගත්කමකින් යුතු කරුණක් ලෙස සලකමින් අගවිනිසුරු මෙම පෙත්සම් සත් සාමාජික විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කිරීමට තීන්දු කර ඇත.
ඒ අනුව එම පෙත්සම් සියල්ල ජුලි 12 වැනිදා සත් සාමාජික විනිසුරු මඩුල්ල හමුවේ කැදවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.