කළගුණ දන්න ලොව එකම ජාතියවන සිංහල බෞද්ධයන් ජාතිවාදීන් කළ නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා The Colombo Express වෙත පැවැසීය.
මේ නිසා වහාම සිංහල හා මුස්ලිම් ජාතීන් අතර තිබෙන දුරස්ථභාවය තුරන් කිරීම සදහා සියලු දෙනා කැපවී සිටිය යුතු බව ෆයිසර් මුස්තාපා පෙන්වා දුන්නේය.
මුස්ලිම් අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීම සිදු කළ යුතු දෙයක් කියලත් මම කල්පනා කරනවා. මේ ආණ්ඩුවට ජනතාවට ආරක්ෂාව ලබා දෙන්න බැරි නම් අන්න ඒ හේතුවටයි අමාත්‍යවරුන් ඉල්ලා අස්වන්න උවමනාවෙන්නෙ. මොකද මොන ජාතියක පුද්ගලයකුටත් මේ රටේ ආරක්ෂාව ලබන්න අයිතියක් තියෙනවා. ආරක්ෂාව පසෙකට දාලා ආණ්ඩුව කටයුතු කරනවිට ඒ ආණ්ඩුවේ ඉදලා ප්‍රතිඵලයක් නැහැ යැයි ෆයිසර් මුස්තාපා මහතා සදහන් කළේය.
අතළොස්සකගෙන් සමස්තය තේරුම් ගැනීමට යාම සුදුසු දෙයක් නෙමෙයි. සිංහල හෝ මුස්ලිම් හෝ වෙනත් ජනවර්ග තුළත් අන්තවාදීන් සිටිය හැකියි. නමුත් සාමාන්‍ය බහුතර ජනතාවට මේ අන්තවාදයෙන් ඇති ඵලක් නැහැ. මම වගේම අබ්දුල් හලීම්, ඒ.එච්.එම් ෆවුසි ඇතුළු මන්‍ත්‍රිවරුන් රැසකට සිංහල ජනතා බහුතරයකුත් ඡන්දය ලබා දීලා තියෙනවා යැයි හෙතම සිහිපත් කළේය.