ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

Picture of අසංක

අසංක

ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

සෞඛ්‍ය හේතුවක් මත තමන් ධුරයෙන් ඉවත්වන බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර ඇත.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පොලිස් ප්‍රධානීන් අතර ඊයේ සාකච්ඡාවක් පැවැත්විණ.

දැනට රාජකාරියේ නියුතු ආරක්ෂක අංශ සාමාජිකයන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටීම අත්හිටුවන බවට ජනාධිපතිවරයා එහිදී පොලිස් ප්‍රධානීන් හමුවේ පවසා තිබුණි.

සිසිර මෙන්ඩිස් මහතා දින කිහිපයකට ඉහත දී මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දුන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මෙවැනි නිලධාරියකුගෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල තුළ දැඩි විවේචන එල්ල විය.