අමෙරිකානු රාජ්‍ය ලේකම් මේ මස දී ලංකාවට

Picture of අසංක

අසංක

අමෙරිකාන රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ මස අගදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී

ලබන 24 වැනිදා ත් 30 වැනිදා ත් අතර කාලය තුළ ඔහු මෙරටට පැමිණෙනු ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කල ට්විටර් පනිවුඩයක දැක්වේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම දින කිහිපය ඇතුළත ඉන්දියාව, ශ්‍රී ලංකාව, ජපානය සහ කොරියාවේ සංචාරය කිරීමට නියමිතව තිබේ.

නිදහස් සහ විවෘත ඉන්දීය පැසිෆික් කලාපයක් ඇති කිරීමේ අරමුණ ඇතිව ඔහු මෙම සංචාරයේ නිරතවන බව රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ පණිවුඩයේ දැක්වේ.