ලංකාවේ ප්‍රහාරයෙන් ඉන්දියාවේ ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක්

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය , ඉන්දීය මැතිවරණයේ ප්‍රතිඵලයටද යම් බලපෑමක් සිදුකල බව ඉන්දියාවේ ” හින්දු ” පුවත්පතේ ජාත්‍යන්තර කටයුතු පිලිබඳ සංස්කාරක ආචාර්ය ස්ටැන්ලි ජොනී මහතා ප්‍රකාශ කර සිටී.

එම ත්‍රස්ත ප්‍රහාරයත් සමග , මුසලිම් අන්තවාදී ප්‍රහාර පිලිබඳ බියක් , ඉන්දියාව තුලද මතුවූ බවත් ,එම අන්තවාදයට එරෙහි මතවාදයක සිටි නරේන්ද්‍ර මොධි අගමැතිවරයාට ඉන් යම් දේශපාලන වාසියක් ලැබුණු බවත් ස්ටැන්ලි ජොනී මහතා පසුගියදා කොළඹ කින්ග්ස්බරි හෝටලයේ පවතී විශේෂ සම්මන්ත්‍රණයකදී සඳහන් කළේය .

මෝදි අගමැතිවරයා දිගින් දිගටම හින්දු ජාතිකවාදී මතවාදයක සිට කටයුතු කල බවත් . මැතිවරණයේදී එම මතවාදයට වැඩි ජනතා කැමැත්තක් හිමිවූ බවත් ජොනී මහතා මෙහිදී පැහැදිලි කළේය .