ජීවන් කැස්බෑවට, අද පත්වූ නව ශ්‍රීලනිප සංවිධායකවරු මෙන්න

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා කැස්බෑව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා ඒ අතරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු පත් කරා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු පිරිසක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා.