වැස්සට හේදුන ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නිමිතව තිබූ ලෝක කුසලාන තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවූ අතර ඒ හේතුවෙන් කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය.

ඒ අනුව ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය හිමිවිය. ශ්‍රී ලංකාව තරග හතරකට ක්‍රීඩා කර එයින් තරගයක් ජයගෙන තවත් තරගයක් පරාජයට පත්විය. ඉතිරි තරග දෙක වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය.