රට පුරා අරාබි අකුරු ඇති නාම පුවරු වහාම ඉවත් කෙරේ

Picture of අසංක

අසංක

විවිධ ප‍්‍රදේශවල පොදු ස්ථානවල ඇති අරාබි අක්ෂර සඳහන් නාම පුවරු වහාම ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛයක් මේ වනවිට නිකුත් කර ඇත.

ඒ අනුව වහාම අදාළ නාම පුවරු ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කරනු ඇති බව රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා The Colombo Express වෙත පැවැසීය.

මෙරට සියළු නාමපුවරු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් පමණක් ප‍්‍රදර්ශනය කළයුතු බව ආණ්ඩුව මීට පෙර ප‍්‍රකාශ කර තිබූ අතර ඒ අනුව මෙම චක‍්‍රලේඛය නිකුත් වී තිබේ.

වෙනත් භාෂාවකින් නාම පුවරුවක් ප‍්‍රදර්ශනය කිරීමට අවශ්‍ය නම් ඒ සදහා විශේෂ අවසරයක් ලබාගත යුතු බවද මෙහිදී ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය