රිෂාද්, අසාත්, හිස්බුල්ලාට එරෙහි පැමිණිලි කරන කාලය අවසන් – මන්ත්‍රීවරු දෙදෙනෙකුගෙනුත් පැමිණිල

Picture of අසංක

අසංක

රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අදින් අවසන් වේ.

මේ වනවිට ඔවුන්ට එරෙහිව ලැබී ඇති මුළු පැමිණිලි ගණන 15කි.

ඉන් පැමිණිලි 2ක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා විසින් ඉදිරිපත් කර තිබුණි. ඒ අසාත් සාලි හා රිෂාද් බදියුදීන් යන අයට එරෙහිවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ද රිෂාද් බදියුදීන්ට එරෙහිව දීර්ඝ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

අද පස්වරු 4 දක්වා පොලිස් මූලස්ථානයට පැමිණිලි භාරගැනීම සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර තිබේ.

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් හා හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මූලස්ථානය විසින් සතියක කාලයක් ලබාදී තිබුණි.