දෙවන ප්‍රහාරය සැලසුම් කළ NTJ ත්‍රස්තවාදියා ලංකාවට ගේන්න රහස් පොලීසිය සෞදියට

Picture of අසංක

අසංක

ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයේ සන්නද්ධ නායක මොහොමඩ් මිල්හාන් මෙරට ආරක්ෂක අංශ වෙත භාරදීමට සෞදි රජය කැමැත්ත පළ කර තිබේ.

මොහොමඩ් මිල්හාන් මේ වනවිට පසුවන්නේ සෞදි අත්අඩංගුවේ ය.

ඔහු මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණඩායමක් එරටට ගොස් සිටී.

ඉදිරි දින කිහිපය තුළ ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතයි.

ශ්‍රී ලංකාව තුළ දෙවන ප්‍රහාර මාලාව සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිට තිබුණේ ද මෙම සැකකරු ය.