උ.කොරියානු නායකයාගේ අයියා CIA ඇතුළු රහස් ඔත්තු සේවාවලට තොරතුරු දීලා

Picture of අසංක

අසංක

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ගේ සොහොයුරෙකුවූ කිම් ජොන්ග් නැම්, ඇමෙරිකානු රහස් ඔත්තු සේවයට (CIA) තොරතුරු සැපයුවෙකු බවට මේවනවිට අනාවරණය වී ඇතැයි ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සඳහන් කර සිටී .

ඒ අනුව කිම් ජෝන් නැම් , අවස්ථා කිහිපයකදීම ඇමෙරිකාවේ මධ්‍යම බුද්ධි නියෝජිතායතනය හෙවත් සී අයි ඒ සංවිධානයේ නිලධාරීන් හා ක්‍රියාකාරීන් හමුවී ඇති බවද ඒ පිලිබඳ තතුදත් පුද්ගලයකු විසින් හෙළිදරව් කර ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සඳහන් කරයි.

කිම් ජොන්ග් නැම් පසුගිය 2017 වසරේදී මලයාසියාවේ ක්වාලාම්පූර් ගුවන්තොටුපල පරිශ්‍රයේදී ඝාතනයට ලක්වූ අතර එම ඝාතනය උතුරු කොරියානු රජයේ මෙහෙයවීම යටතේ සිදුවූ බවට ඇමෙරිකානු මෙන්ම දකුණු කොරියානු බලධාරීන්ද චෝදනා නගා තිබිණ.

කිම් ජොන්ග් නැම් හා ඇමෙරිකානු රහස් ඔත්තු සේවය අතර දැඩි සබඳතාවයක් පැවති බවද අදාළ තතුදත් පුද්ගලයා අනාරණය කර සිටින බව පුවත්පත සඳහන් කර ඇත.

එසේම කිම් ජොන්ග් නැම් , සී අයි ඒ සංවිධානයට අමතරව චීනය ඇතුළු , රටවල් වල රහස් ඔත්තු සේවා සමගද සබඳතා පවත්වා ඇති බවට ඇමෙරිකානු බලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇති බව පුවත්පත් පෙන්වාදේ.

ඔහු 2107 වසරේ මලයාසියාවට පැමිණියේද සී අයි ඒ සංවිධානයේ නියෝජිතයකු මුණගැසීමේ අරමුණද ඇතිව බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් පත සඳහන් කර ඇත.

කිම් ජොන්ග්නැම් , වත්මන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ගේ ” අර්ධ සොහොයුරාවේ” . එනම් කොරියානු නායකයාගේ පියා වන කිම් ජොන්ග් ඉල් ගේ පළමු කසාදයේ දරුවෙකු වේ . කෙසේ වෙතත් සොහොයුරන් දෙදෙනා අතර පවතී මතභේද හේතුවෙන් කිම් ජොන්ග් නැම් හට එරටින් පිටවීමට සිදුවිය .ඔහු ඝාතනයට ලක්වුයේද එසේ රටින් පිටව සිටින කාලසීමාවේදීය . කෙසේ වෙතත් මෙම ඝාතනයට තම සම්භන්ධයක් නැති බව උතුරු කොරියානු රජය නිවේදනය කර තිබිණ .