පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සැගවී ඉන්නා බවට ඉන්දියාවෙන් තොරතුරක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සහ IS ත්‍රස්තයින් සමග සබඳතා පවත්වන පුද්ගලයින් සිටින බවට සැකකෙරෙන තමිල්නාඩුවේ කොයිම්බතුර් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ඉන්දීය බුද්ධි තොරතුරු නියෝජිතායතනය පරීක්ෂාවට ලක්කර ඇත.

මෙම පරීක්ෂණවලදී ලද තොරතුරු මත ඉදිරි සතිය තුලද තවත් වැටලීම් කිහිපයක් සිදුකිරීමටද ඉන්දීය පොලිසිය සැලසුම් කර ඇති බව තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් පසුගිය මාසයේ ඉන්දීය බුද්ධි තොරතුරු එජන්සියේ උසස් පොලිස් නිලධාරියෙකු ත්‍රස්ත පරීක්ෂන කටයුතු සඳහා මෙරටට පැමින ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණ.

ත්‍රස්තයින් පිලිබඳ තොරතුරු ශ්‍රී ලංකාව සමග බෙදා ගැනීම තුලින් දෙරටේම පරීක්ෂන කටයුතු ඉදිරියට ගෙනයාමට ඉන්දීය පොලිසිය කටයුතු යොදමින් ඇති බවද වාර්තා වේ.