මෙරට මුස්ලිම් ප්‍රජාවට සළකන හැටි ගැන අවධියෙන් – යුරෝපා සංගමය

Picture of අසංක

අසංක

සාමය හා සංහිඳියාව අනතුරේ හෙලමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන දේශපාලන හා ආගමික බලපෑම් පිලබඳව දැඩි අවධානය යොමුව ඇති බව යුරෝපා සංගමය අවධාරණය කර සිටී.

ජනවාර්ගිකත්වයෙන් තොරව සියලු දෙනාට සමානව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ කැපවීම තවදුරටත් තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් හා සියලු දේශපාලන නායකයින්ගෙන් තරයේ ඉල්ලා සිටින බව යුරෝපා සංගමය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මාධ්‍ය මගින් නොකඩවා ප්‍රචාරය කරනු ලබන අගතිගාමි සහ තහවුරු කර නොගත් තොරතුරු මගින් සිදුවන්නේ මෙරට නොසන්සුන්කාරි තත්ත්වය තවදුරටත් වර්ධනය වීම පමණක් බවත් එම නිවේදනයේ දැක්වේ..

ප්‍රංශ,ජර්මන්,ඉතාලි ,නෙදර්ලන්ත ,රුමේනියා තානාපති කාර්යාලය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ස්විස්ටර්ලන්තය සහ නෝර්වේ තානාපති කාර්යාල වල එකඟතාව මත අදාල නිවේදනය නිකුත් කර තිබේ.