බැඳුම්කර විත්තිකරුවන්ට නඩු පවරන්න අගවිනිසුරු අවසර දෙයි

Picture of අසංක

අසංක

ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා, නීතිපති දප්පුල ද ලිවේරා මහතා වෙත අවසර ලබාදී තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2015 පෙබරවාරි මස 27 වැනිදා සිදුකළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී රුපියල් කෝටි 68කට අධික පාඩුවක් රජයට සිදු කරන ලදැයි අධි චෝදනා 23ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතය.

මෙහි විත්තිකරුවන් ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් ඔහුගේ පියා වන ජෙෆ්රි ජෝසප් ඇලෝෂියස්, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පළිසේන, පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා හුළුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන්, අජන්ත පුංචිහේවා යන අය නම් කර තිබුණි.