ඕස්ට්‍රේලියාව මෙරටට පැනවූ සංචාරක සීමා ලිහිල් කරයි

Picture of අසංක

අසංක

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට එරට රජය පනවා තිබූ සංචාරක සීමා ලිහිල් කර තිබේ.

සංචාරක සීමා ලිහිල් කළද ශ්‍රී ලංකාවේ සංචාරය කරනවිට ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු ගැන සෑමවිටම දැනුවත් විය යුතු බවත්, මෙරට මාධ්‍ය වාර්තා පිළිබඳ සැළකිලිමත් වන ලෙසත් ඕස්ට්‍රේලියානු රජය එරට පුරවැසියන්ට දැනුම් දී තිබුණි.