මෙරට තුළ IS මඬින්න ඉන්දියාව ජාත්‍යන්තරය සමඟ එක්වෙයි

Picture of අසංක

අසංක

ශ්‍රි ලංකාව තුල IS ත්‍රස්තවාදය ව්‍යාප්තවීම වැලැක්වීමට ඉන්දියාව හා අනෙකුත් රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරිමට පියවර ගනිමින් සිටින බව ඉන්දියාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටී .

මේවන විට ශ්‍රී ලංකාව ත්‍රස්ත ක්‍රියා මැඩලීමේ කටයුතු ආරම්භකර ඇති බවත් ඒ සඳහාද ඉන්දීය ආරක්ෂක අංශ වල සහය ලැබී ඇති බවත්ඉන්දීය මාධ්‍යට අදහස් දක්වමින් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත.

එසේම විදේශරටවල සිටින IS ත්‍රස්තයින් සමග සබඳතා පවත්වන පුද්ගලයින් පාලනය කිරිම සඳහාද ජාත්‍යන්තර සංවිධාන සමග කටයුතු කරන බවද ඒ මහතා මෙහිදි කියා සිටියේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රි ලංකා සංචාරයේදි යෝජනා වු පරිදි ත්‍රස්ත මර්දන ක්‍රියාවලදි ඉන්දියාව හා ශ්‍රි ලංකාව එක්ව කටයුතු කරනු ඇති බවට විශ්වාසය පල කරන බවද ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවසීය