හිරේ ඉන්න පාතාල නායකයන් LTTEය එක්ක ගහපු ගේම් හෙළිවෙයි

Picture of අසංක

අසංක

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි පාතාලයේ කල්ලි නායකයන් දෙදෙනකු වන ගනේමුල්ලේ සංජීව හා කඩුවෙල ගොත අසංක යන දෙදෙනා ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පවත්වන බවට හෙළිවූ තොරතුරු මත බන්ධනාගාරගතව සිටි සැකකරුවන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාස භාරයට ගෙන තිබේ.

හිටපු LTTE ප්‍රබල සාමාජිකයන් සමග සම්බන්ධකම් පවත්වමින් ඔවුන්ගේ මෙහෙයවීමෙන් LTTE විසින් වළදැමූ අවිආයුධ ගොඩගෙන පාතාලයට අලෙවි කිරීමේ ජාවාරමක් හෙළිවී ඇත.

LTTE හිටපු වෙඩික්කරුවන් යොදාගෙන කරන ලද ඝාතන කිහිපයක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් හෙළිකරගෙන තිබේ.

මොවුන් බන්ධනාගාරයේ සිට හිටපු LTTE සාමාජිකයන් සමඟ එක්ව දේශපාලනඥයෙක් ඝාතනය කිරීමට කළ කුමන්ත්‍රණයක් හෙළිදරව් වී ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ හිටපු LTTE හා පාතාල සාමාජිකයන් කිහිපදෙනෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී ගනේමුල්ල සංජීව හා ගොත අසංක ගැන හෙළිවී තිබේ.

යුද්ධය පරාජය කිරීමෙන් පසුව බන්ධනාගාරගතව සැකකරුවන් යළි පොලිස් භාරයට ගෙන රඳවාගෙන විමර්ශනය කරන පළමු අවස්ථාව මෙයයි.

සැකකරුවන් දෙදෙනා කොළඹ ස්ථාන දෙකක ආරක්ෂිතව රඳවා සිටියි.