‘දේශීය දේට පහර දුන්නොත් විදෙස් සමාගම් ආක්‍රමණය කරාවි’ – අසිත සමරවීර

Picture of අසංක

අසංක

ඇට්ලස් වැනි දේශීය සමාගම්වලට පහර ගැසීමෙන් සිදුවන්නේ අඩු ප‍්‍රමිතියෙන් යුත් විදේශ නිෂ්පාදනවලට මෙරට වෙළඳපොළ ආක‍්‍රමණය කිරීමට අවස්ථාව ලැබීම පමණයැයි එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා පැවසීය .

ඒ මහතා එසේ සඳහන් කලේ ඇට්ලස් ඇක්සිලියා සමාගමේ 60 වන සංවස්තරය වෙනුවෙන් පවතී විශේෂ මාධ්‍ය හමුවකදීය .

මෙතෙක් කල් වාර්ෂිකව රටේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමූ ආකාරයටම සිය 60 වන සංවත්සරය වෙනුවෙන්ද දරුවන් පිරිසකට ශිෂ්‍යත්ව ලබාදීමට ඇට්ලස් සමාගම පියවර ගෙන ඇති බවත් . තවද රටේ පාසල්වල පහසුකම් නැංවීම සඳහා සහ දරුවන්ට යහපත් පුරුදු හා ගුණධර්ම සම්බන්ධයෙන් දැනුමක් ලබාදීම සඳහා සේවක පැය 3,600 ක කාලයක්ද වෙන්කිරීමට නියමිත බවත් සමරවීර මහතා පැවසීය .

අභිමානවත් ශ‍්‍රී ලාංකික සමාගමක් සහ රටේ ආදරය දිනූ දේශීය සන්නාමයක් වන ඇට්ලස් ඇක්සිලියා සමාගමේ 60 වන සංවස්තරය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් සැලසුම් කර ඇත.

විශේෂයෙන්ම ළමුන් සදහා වූ මෙම වැඩසටහන්වලට ශිෂ්‍යත්ව ප‍්‍රදානයන් මෙන්ම නව නිෂ්පාදන එළිදැක්වීම්ද ඇතුළත් වේ. එමෙන්ම දේශයේ වටිනාකම් හා එකමුතුකම වර්ධනය කිරීම ඉලක්ක කරගත් වැඩසටහන් මාලාවක් ඔස්සේ පාසල් තුළ දරුවන්ට වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමේ මෙහෙවර වෙනුවෙන්ද සමාගම කැපවී සිටී.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඇට්ලස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා මෙසේ පැවසී ය. ‘‘රටේ අධ්‍යාපනය නගාසිටුවීම සහ දරුවන්ගේ යහපත සැලසීම වෙනුවෙන් ඇට්ලස් සමාගම වසර 60 ක් තිස්සේ කැපවී කටයුතු කරමින් සිටිනවා.

මෙම අරමුණ වෙනුවෙන් අප මුළු දිවයිනම ආවරණය වන පරිදි අධ්‍යාපන වැඩමුළු, ගුරු පුහුණු වැඩමුළු, පහ වසර ශිෂ්‍යත්ව වැඩමුළු ආදී වැඩසටහන් රාශියක් ක‍්‍රියාවට නංවා ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුයි.

විශේෂයෙන්ම රිදීගම රිදී විහාරය සමග එක්වී වසර 16 ක් තිස්සේ අප ක‍්‍රියාවට නංවමින් සිටින, අපගේ ප‍්‍රමුඛතම ප‍්‍රජා සත්කාර වැඩසටහන ගැන අපට ආඩම්බර වන්නට පුළුවන්. මෙම වැඩසටහන යටතේ සෑම වසරකදීම අප දරුවන් 5,000 කට අධික පිරිසක් වෙනුවෙන් ලිපිද්‍රව්‍ය බෙදා දෙනවා.

ඉදිරියටත් අප කාර්ය මණ්ඩලයට වැඩිදුර පුහුණව ලබාදීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, නවෝත්පාදනය සහ දේශීය හා ජාත්‍යන්තර අලෙවිය පුළුල් කිරීමට වැනි කටයුතුවලට සමගාමී අපගේ සමාජ සත්කාර කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අප බලාපොරොත්තු වනවා. ”