අත්හදාබැලීමකදී මොරටුව සරසවියේ ගින්නක්

Picture of අසංක

අසංක

ප්‍රදර්ශනයකට ඉදිරිපත් කිරීම සඳහා සකස් කළ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී සිදුවූ විදුලිය කාන්දුවීමකින් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ගින්නක් හටගෙන තිබේ.

මොරටුව ගිනි නිවීමේ අංශයේ මැදිහත්වීමෙන් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.

ගින්නෙන් ඉංජිනේරු පීඨයේ දේපළවලට යම් තරමකින් හානි සිදුව ඇතැයි වාර්තා වේ.