එජාප කතෝලික මන්ත්‍රීලා විශ්වාසභංග ඡන්දය වර්ජනයට සූදානමක්

Picture of අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂයේ කතෝලික මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද (11) දින රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ජන්ද විමසීමට සහභාගී නොවී සිටීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී.

විශ්වාසභංගයට සහයෝගය දැක්වීමක් ලෙස එසේ ජන්ද විමසීම වර්ජනය කිරීමට මෙම මන්ත්‍රීවරුන් සැලසුම් කර ඇති බවටද තොරතුරු වාර්තාවේ,

කෙසේ වෙතත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ වනවිටත් එම මන්ත්‍රීවරුන් සමග සාකච්ජා කිරීමට කටයුතු යොදා ඇති බවත් , වාර්තාවේ.

මේ මොහොතේ වෙනත් සියලු ගැටළු අමතක කර රජය රැක ගැනීම සඳහා එක්වන ලෙස කිරිඇල්ල මහතා එම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇති බවටද වාර්තාවේ