ශ්‍රීලනිප-පොහොට්ටුවත් විශ්වාසභංගයට පක්ෂව

Picture of අසංක

අසංක

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට පක්ෂව අද ඡන්දය ප්‍රකාශ කරන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවය ඊයේ රාත්‍රි තීන්දු කර තිබේ.

ඒ මහින්ද අමරවීර මන්ත්‍රීවරයාගේ නිවසේදී ඊයේ රාත්‍රි පැවැති සාකච්ඡාවේදී ය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද විශ්වාසභංගයට පක්ෂව සහය දීමට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී එකඟ වී තිබේ.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා ඒ බව පැවැසීය.