චෝදනා බොරු – මුස්ලිම් මන්ත්‍රිවරු නැවත අමාත්‍යධූර භාරගන්න තීරණය කරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගියදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බදියුදීන් අමාත්‍යවරයාට එල්ලවූ චෝදනා වලට පිලිතුරු ලෙස තම අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ සියලුම මුස්ලිම් මන්ත‍්‍රීවරුන් යළිත් අමාත්‍යධූර ලබාගැනීමට අද (11) රාත‍්‍රී පැවැති සාකච්ඡාවේදී තීරණය කර ඇති බව the colombo express අපිට වාර්තා වෙනවා පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එල්ල වූ චෝදනා මාසයක් ඇතුළත ඔප්පුකරන මෙන් පවසමින් සියලුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වූ අතර ඔවුන් පැවසුවේ මාසයකින් නැවත අමාත්‍ය ධූර භාර ගන්නා බවයි.

පරික්ෂණ අනුව පාස්කු ප‍්‍රහාරයට රිෂාර්ඩ් බදියුදීන් මන්ත‍්‍රීවරයාගේ කිසිඳු සම්බන්ධයක් නැති බවට පොලිසිය පවා වාර්තා කර තිබෙන බැවින් රටට සේවයක් කිරීමට නැවත ඇමතිධූර ලබාගැනීමට තීරණය කළ ඇති බවත් අපට වාර්.ා වෙනවා මේ සම්බන්ධයෙන් අද රාත්‍රිෙය්ම ඔවුන් අගමැතිවරයාට දැනුම් දී බවත් වාර්තා වේ.

දැනට එංගලන්තයේ සංචාරයක නිරත ජනාධිපතිවරයා මෙරටට පැමිණි වහාම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව අගමැතිවරයා අදාල මන්ත්‍රි පිරිසට දන්වා තිබේ. මේ අනුව ඉල්ලා අස්වූ සියළුම මුස්ලිම් ඇමතිවරුන් යලි දිවුරුම් දෙනු ඇත.