ලොව පුරා ක්‍රීඩා ලෝලීන් බලා සිටින ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට එංගලන්තය අද (11) සමත්විය. ඒ ප්‍රභල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක ජයග්‍රහණයක් හිමිකර ගනිමිනි.
මුලින්ම පන්දුවට පහර දුන් ඔ්ස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 223ක් තරම් සීමා සහිත ලකුණු සංඛ්‍යාවක රදවා තැබීමට එංගලන්ත පන්දු බල ඇණිය සමත්වුහ.
ක්‍රිස් වෝෂ්, ජොෆ්රා ආචර් සහ අදිල් රෂීඩ් එහි පෙරමුණ ගත්හ. ඒ පන්දුවාර 49කදී ප්‍රබල ඔස්ට්‍රේලියානුවන් ලකුණු 223කට සීමා කරමිනි.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 32.1 තුළ කඩුලු දෙකක් දැවී මෙම ඉලක්කය සපුරා ලීමට සමත්වුයේය. එංගලන්තය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රිඩා කළ ජේ.ජේ රෝයි ලකුණු 85රැස්කළේය.
තරගයේ වීරයා සම්මානය දිනාගනු ලැබුවේ ක්‍රිස් වෝෂ්ය. ඔහු ලකුණු 20කට කඩුලු 03 දවාලුවේය.
මේ අනුව නවසීලන්තය සමග ලෝක කුසලාන අවසන් තරගයට මුහුණදීමට එංගලන්තය සුදුසුකම් ලබා ගත්තේය. ලබන 14 වැනිදා ලන්ඩන් නුවරදි පැවැත්වෙන අවසන් මහා තරගයේ ජය පැන්බීම දැන් දෙපිලේම බලාපොරොත්තුව වී ඇතිවාට සැක නැත.
අවසන් මහා තරගයට සුදුසුකම් ලැබු නවසීලන්තයට සහ එංගලන්තයට The Colombo Express සුබ පැතුම්!


