පාකිස්ථානයේ වෙරළට නුදුරින් පිහිටා තිබූ ‘භූකම්පන දිවයින’ හදිසියේම අතුරුදන් වී තිබේ.
මීට වසර 6කට පමණ පෙර එය මඩසහිත දූපතක් ලෙස මතුවී තිබුණේ ප්‍රබල භූ කම්පනයකදී පොළොව දෙදරා හිටිහැටියේ මතුවූ දිවයිනක් ලෙසයි.
එය සාගර පත්ලේ පිහිටි ‘මඩ ගිනිකන්දක්’ පුපුරා යාම නිසා සිදුවූ භූ කම්පනයකින් හටගත් එකක් බව විද්‍යාඥයෝ පැවැසූහ.
අඩි 65ක් පමණ උසැති, අඩි295ක් පමණ පළලැති අඩි 130ක් පමණ දිගුවූ මෙම කුඩා දිවයින ‘සල්සලා කෝ’ යන උර්දු භාෂාවෙන් ‘භූ කම්පන දිවයින’ යන අර්ථයෙන් හැඳින්විණි.
මෙම දිවයින පිළිබඳ නාසා ආයතනය විසින් මෙලෙස අදහස් දක්වා තිබුණි. ‘මෙම කලාපය මඩ ගිනිකඳු ‘එන යන’ ඉතිහාසයක් ඇති කලාපයකි’ යනුවෙනි.
ඒ අනුව හදිසියේම සාගර පත්ලෙන් මතුවූ මෙම භූ කම්පා දිවයින හිටිහැටියේම අතුරුදන්වීම ද සොබාදහමේ අපූර්වතම නිමැවුම් අතරින් එක් සංසිද්ධියක් පමණක් බව පෙනී යයි.


