පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න අගමැති සූදානම්

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබලන විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අද (11) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව පැවසීය.

කාරක සභා සාමාජිකයන් විසින් අග්‍රාමාත්‍යවරයාට එම කාරක සභාව හමුවේ පෙනී සිටිය යුතු දිනය ඉදිරියේදි දැනුම් දෙනු ඇති බවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.