සිරසට සමුදෙන බුද්ධික තවත් නාලිකා ප්‍රධානි තනතුරකටද?

Picture of අසංක

අසංක

සටහන- සුමිත් ආනන්ද 

සිරස මාධ්‍ය ජාලයේ MTV නාලිකා ප්‍රධානි ලෙස කටයුතු කරමින් සිටින මාධ්‍යවේදී බුද්ධික වික්‍රමාධර මහතා තවත් නාලිකාවක නාලිකා ප්‍රධානි තනතුරක වැඩ භාර ගැනීමට යන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

ලබන 15 වැනිදා සිට සිරස මාධ්‍ය ජාලයෙන් ඉවත්වන බුද්ධික වික්‍රමාධර මහතා මේ සමගම දේශපාලනයට එක්වනු ඇතැයි බොහෝ දෙනෙක් අනුමාන කළහ.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් බුද්ධික වික්‍රමාධර මහතා  ගාල්ල දිස්ත්‍රික්කයෙන්  ඉදිරි මහ මැතිවරණයට තරග කරනු ඇතැයි පසුගියදා වෙබ් අඩවි කිහිපයක තොරතුරු වාර්තා වී තිබිණි.

දේශපාලනයට සම්බන්ධවීම ගැන මෙතෙක් බුද්ධික වික්‍රමාධර මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කර නොමැත.

කෙසේ වෙතත් බුද්ධික වික්‍රමාධර මහතා මේ වනවිටත් තමන්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සිරස මාධ්‍ය ජාලයට දන්වා ඇති බව එහි ප්‍රකාශකයෙක්thecolomboexpress වෙත තහවුරු කළේය.

සිරස ටී.වී වැඩසටහන් පුරකවරයෙක් ලෙසද කටයුතු කරන  බුද්ධික වික්‍රමාධර මහතා සතියේ දින පහේම උදෑසන විකාශයවන  ලස්සන දවසක් වැඩසටහන ඔස්සේ  ඉතා ජනාදරයට පත්විය.

සිරස මාධ්‍ය ජාලයේම TV 1 නාලිකාවේ පළමු නාලිකා ප්‍රධානියා වු බුද්ධික වික්‍රමාධර මහතා සැර අයිඩියා, රන්දිප මීඩියා එම්අයිබී නිර්මාණ හා ප්‍රචාරක ප්‍රවර්ධන ආයතනයන්හි නිර්මාණකරු හා කළමණාකරන අධ්‍යක්ෂවරයාය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත්වනතුරු නෙළුව මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

ඡායාරූප – බුද්ධික වික්‍රමාධර මහතා Galle Club 2019 මහා සභා රැස්වීමට එක්ව සිටි අයුරු.