මුස්ලිම් විවාහ පනත සංශෝධනය ගැන එකඟතාවක්

Picture of අසංක

අසංක

මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර එකඟතාවක් ඇතිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

සියලුම මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මුස්ලිම් විවාහ පනත සංශෝධනය කිරීමට ඒකමතිකව එකඟ වූ බව ඔහු මාධ්‍ය හමුවේ පසුගියදා සඳහන් කළේය.

මනාලිය හා මනාලයා යන දෙදෙනාගේම විවාහ විමේ වයස අවුරුදු 18 ක් විය යුතු බවට ද මෙහිදි යෝජනා වී ඇති බව ඔහු පැවසීය

කාන්තාව තම කැමැත්ත ප්‍රකාශ කිරීම ලෙස විවාහ ලේඛනයට අත්සන් කළ යුතුය යන්න පිළිබඳවද මෙහිදී එකඟතාවයක් ඇතිවී ඇත.